ඇමෙරිකානු හා බි්‍රතාන්‍ය හමුදා වෙතින් හවුති කැරලිකරුවන්ට ඒකාබද්ධ ප්‍රහාරයක්

88

ඇමෙරිකානු හා බි්‍රතාන්‍ය හමුදාවන් ප්‍රථම වරට යේමනයේ තිබෙන හවුති කැරලිකරුවන්ගේ ඉලක්කයන් වෙත ඒකාබද්ධ ප්‍රහාරයන් එල්ල කිරීමට පෙරේදා (29) පියවර ගෙන තිබේ. මෙය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු ඇමෙරිකානු හා බි්‍රතාන්‍ය හමුදාවන් විසින් ඒකාබද්ධව හවුති කැරලිකරුවන්ට එරෙහිව දියත් කළ ප්‍රථම ප්‍රහාරය සේ සැලකේ.

අදාළ ඒකාබද්ධ හමුදා ප්‍රහාරයන් යේමනයේ සානා අගනුවරට දකුණින් පිහිටි හවුති කැරලිකරුවන් විසින් ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමට යොදා ගනු ලැබූ ගොඩනැගිලි සමූහයක් ඉලක්ක කරගනිමින් එල්ල කර ඇති බව වාර්තා වේ. ඉතාමත් ප්‍රවේසමෙන් සැලසුම් කර තිබූ මෙම ප්‍රහාරයන් යටතේ අදාළ ගොඩනැඟිලි වෙත බෝම්බ හෙළු බව බි්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් නිවේදනය කර තිබේ. ඉන් සිදු වූ හානිය පිළිබඳව එම හමුදාව විසින් අනාවරණය කර නොමැත.


advertistmentadvertistment