ඉන්දියාව ශ්‍රී ලංකාවට දිගටම සහාය දෙන බව පවසයි

40


ශ්‍රී ලංකාව විදේශ රටවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමියන්ගේ කමිටුව ඊයේ දින අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම මගින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය ස්ථායිකිරීම සම්බන්ධයෙන් සහ ප්‍රතිසංස්කරණ සහ වර්ධනය වෙත යන ගමනේදී ශ්‍රී ලංකාව විසින් ලබා ඇති ශක්තිමත් ප්‍රගතිය යැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ප්‍රංශය සහ ජපානය සමඟින් නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය හිමි රටක් වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථායිකරණය, ප්‍රතිසාධනය සහ වර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරනු ඇති බවත් මෙම කැපවීම ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක පෙර නොවූ විරූ මූල්‍ය සහයෝගයෙන්ද නිරූපණය වූ බව පවසයි. ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට අවස්ථාව විවර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතිකය ලබා දුන් ප්‍රථම ණය හිමි රාජ්‍යය වූයේ ද ඉන්දියාව බව සිහිපත් කරන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හි දිගුකාලීන ආයෝජන ප්‍රවර්ධනය කිරීම ඇතුළු පියවර තුළින් ආර්ථික ප්‍රතිසාධනය සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment