ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති අනුර කු-මාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතය.
ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ මෙම ව්‍යාපෘතිය හරහා අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.
ඒ අනුව අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වේ.