ශ්‍රී ලංකා – ඉන්දියා – දකුණු අප්‍රිකා කාන්තා තුන්කොන් එක්දින තරගාවලිය
ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ උදේ 10.00ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගය දකුණු අප්‍රිකාවට ඉතාම වැදගත් තරගයක් වන අතර මෙම තරගාවලියේ තවමත් කිසිදු තරගයක් දකුණු අප්‍රිකානු කාන්තාවන් ජයගෙන නොමැත.
අද තරගයේ ප්‍රතිවාදීන් වන ඉන්දීය කණ්ඩායම මේ වනවිට තරග 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු අතර ඉදිරියෙන්ම සිටියි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.