ඊයේ මැදියම් රෑ සිට ජනපතිට ලැබුණු බලය

750

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඊයේ (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත පැවරුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 70 (අ) වගන්තිය ප්‍රකාරව මෙලෙස විසුරුවා හැරීමේ බලය ජනපතිවරයා වෙත පැවරුණි.
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේය යන්න 70 (අ) වගන්තියේ සඳහන්ව ඇත.

එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 මාර්තු මාසයේදී පාර්ලිමේන්තු මහ මැතිවරණය කැඳවූ නමුත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය පැවැත්වීමට හැකි වූයේ එම වසරේ අගෝස්තු 05 වැනිදාය. ඒ අනුව ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අගෝස්තු මස 20 වැනිදාට කැඳවීය. එදින සිට වසර දෙකකුත් මාස 06 ක් ගත වූ ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව පාර්ලිමේන්තුව විසිරවීමේ බලය වත්මන් ජනපතිවරයා වෙත ව්‍යවස්ථානුකූලව හිමිවී ඇත.


advertistmentadvertistment