පෙරේදා (19දා) සිට ක්‍රියාත්මකවීම ඇරඹි ඊශ්‍රායල -හමාස් සටන් විරාම ගිවිසුමේ පළමු අදියරය යටතේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනකු හා පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු ඊයේ (20) දිනයේ නිදහස ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී හමාස් සංවිධානය විසින් නිදහස් කර ඇති ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා ඊශ්‍රායලයට ගොස් සිටින අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව අනාවරණය වී තිබේ.
ඊශ්‍රායල – හමාස් සටන් විරාම ගිවිසුම යටතේ ඉදිරි සති හය තුළදී තවත් ප්‍රාණ ඇපකරුවන් 30 දෙනකු හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට නියමිතව ඇති අතර ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 2000ක් පමණ දෙනා නිදහස් කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර සටන් විරාමය ක්‍රියාත්මකවීම ඇරඹීමත් සමගම අවතැන්ව සිටින ගාසා තීරයේ වැසියන් විශාල පිරිසක් නැවත සිය නිවෙස්වලට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.