උතුරු කොරියාව විසින් එවන ලද කසළ රැගත් බැලුමක් ඊයේ (24) දකුණු කොරියාවේ සියෝල් අගනුවර පිහිටි ජනාධිපති නිල නිවෙස ආශ්‍රිත භූමිය මත පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උතුරු හා දකුණු කොරියානු දේශසීමාව ඔස්සේ පැමිණ ඇති අදාළ කසළ රැගත් බැලුම සියෝල් නගරයේ යොන්ග්සාන් දිස්ත්‍රික්කයේ පිහිටි ජනාධිපති නිල නිවාස භූමිය මත පතිත වී ඇති බවත් එම බැලුමෙහි අහිතකර කිසිවක් අන්තර්ගතව නොමැති බව දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක සේවාව විසින් නිවේදනය කර තිබේ.
දකුණු කොරියාවේ පළ වන ‘ඩොන්ග් ඒ ඉල්බෝ’ ‘චෝසන් ඉල්බෝ’ යන පුවත්පත්වලට අනුව උතුරු කොරියාව විසින් ඒවා ඇති කසළ බැලුම තුළ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යියෝල් හා ඔහුගේ බිරිය සමච්චලයට ලක් කරන ප්‍රචාරක පත්‍රිකා අඩංගුව තිබී ඇත. මෙම කසළ බැලුම ඉකුත් මාස කිහිපය තුළදී උතුරු කොරියාව විසින් දකුණු කොරියාවේ ජනාධිපති නිල නිවාසය වෙත එවනු ලැබූ දෙවැනි එවැනි බැලුම බව වාර්තා වී තිබේ.