සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ දී ඊයේ (7) ආරම්භ වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 221ක් ලබා ගැනීමට සමත් විය.අයහපත් කාලගුණය හේතුවෙන් පළමු දිනය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු විය. ඔලී පොප් ලකුණු 103ක් රැස්කරගෙන සිටියේය. ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 86ක් රැස්කරගෙන සිටියදී දැවීගියේය.ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර (2/81) හා මිලාන් රත්නායක (1/34) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.අද තරගයේ දෙවැනි දිනයයි
|