ඇමෙරිකානු රාජ්‍ය සේවා කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ සම ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් සිය තනතුරෙන් ඉවත්ව යන බව පවසා තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එරට රාජ්‍ය සේවා කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ සම ප්‍රධානියා වශයෙන් මස්ක් පත් කරන ලද අතර රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ අරමුණින් රාජ්‍ය සේවයේ ප්‍රමාණය කුඩා කිරීම සඳහා සේවකයන් දහස් ගණනක් ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් කිරීම එම පත්වීමේ අරමුණ වී තිබූ බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. කෙසේ වුවද එලෝන් මස්ක්ට රාජ්‍ය සේවා කාර්යක්ෂමතා දෙපර්තම්නේතුවේ සම ප්‍රධානියා වශයෙන් ලබා තිබූ පත්වීම තාවකාලික පත්වීමක් වූ අතර ඒ හේතුවෙන් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමේ කටයුතු ධවල මන්දිරය විසින් පෙරේදා (28දා) අරඹා තිබූ බව වාර්තා විය.
මේ අතර ඇමෙරිකානු රජයේ විශේෂ නිලධාරියකු වශයෙන් පත්ව සිටින මස්ක් එම තනතුරෙන් ඉවත්ව යෑමට පෙර ඒ සම්බන්ධයෙන් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇමෙරිකානු රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යන දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑම සඳහා තමන්ට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ට සිය ස්තුතිය පළ කර තිබේ. තමා තතුරෙන් ඉවත් වුවද රාජ්‍ය සේවා කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව දිගටම පවතිනු ඇති බවද මස්ක් පවසා තිබේ.