එළවළු ටොන් 270,000ක් වාර්ෂිකව අපතේ

17

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළවළු නිෂ්පාදනයෙන් ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් අපතේ යන බව සිදු කළ පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයට අනුව ලෝක එළවළු නිෂ්පාදනයෙන් වාර්ෂිකව ටොන් බිලියන 1.3 ක් පමණ අපතේ යන බව තහවුරු කරගෙන ඇත.

ගොවි බිමේ සිට පාරිභෝගිකයා දක්වා එළවළු පසු අස්වනු හානිය සිදුවන බවත් වාර්ෂිකව රටට රුපියල් බිලියන 20ක් පමණ අහිමි වෙන බවත් හෙළිවී තිබේ. අවිධිමත් ලෙස ප්‍රවාහනය එළවළු අපතේ යෑමට බලපා ඇත. පසු අස්වනු හානිය අවම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ප්ලාස්ටික් ඇසුරුම්, කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වාදීමෙන් පසුව හානිය පහළ ගොස් ඇත.

පසු අස්වනු හානිය අවම කිරීමට ඇසුරුම් භාවිතය හඳුන්වාදීමත් සමග එළවළු ගොවීන්ට, සිල්ලර වෙළෙඳුන්ට සහ පාර්ශ්වකරුවන්ට රුපියල් මිලියන 125ක් වටිනා ප්ලාස්ටික් ඇසුරුම් 103407ක් නිකුත් කර ඇත. පේර, ගස්ලබු සහ කෙසෙල් ප්‍රවාහනය සඳහා කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වාදී ඇත.

ප්ලාස්ටික් ඇසුරුම් සහ කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වාදීමත් සමග එළවළු සහ පලතුරු අපතේ යෑම සියයට 20-25ක් දක්වා පහළ ගොස් ඇත. පොලිසැක් බෑග් සහ අවිධිමත් ලෙස ප්‍රවාහනයේදී පසු අස්වනු හානිය ඉහළ අගයක පැවැතිණි.

නිමල් ගුණතිලක


advertistmentadvertistment