මෙරට සමාජ මාධ්‍ය ජාලාවන්හි හාස්‍ය රංගනයෙන් විස්කම් පාමින් විශාල යූටියුබ් ග්රාහකයන් සංඛ්‍යාවකගේ ආකර්ෂණයට නතුවූ ජනප්‍රියම ශිල්පීන් හත් දෙනකුගේ එකතුවෙන්, සුරංග ද අල්විස්ගේ හත් වැනි සිනමා නිර්මාණය ලෙසින් නිමැවෙන ‘ඒක තමයි මේක’ චිත්‍රපටයේ නිල සමාරම්භක උළෙල පසුගියදා පැවැති අතර මේ වන විට එහි රූගත කිරීම් ආරම්භ කර ඇත. මෙය සර්වසම්පූර්ණ විනෝදාත්මකව පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර ප්‍රේක්ෂකයා නිරන්තරයෙන් සිනා සාගරයක ගිල්විය හැකි හාස්‍ය රසය මතුපිටින් ගලා ගිය ද වත්මන් ශ්‍රී ලාංකීය තාරුණ්‍යය මුහුණපාන සංකීර්ණ ගැටලු සම්බන්ධව යටි අරුතක් සහිතව වඩාත් ගැඹුරු කතාන්දරයක් සමාජය වෙත ගෙන එනු ලබයි. මෙහි රංගනයෙන් රංග ජයකොඩි (ජනා), චමල් රත්නායක (ප්‍රියා), රතිඳු රත්නායක (රැට්ටා), ලෝචනා ජයකොඩි (ලෝචි), ලක්මාල් වීරසිරි (ලකා), ශාන් අරෝෂ (සිකා), ජනිත් රූපසේන (සිරිල් අයියා) සමගින් සංජානා ඔනාලි, සංගීත් ප්‍රභූ, කලණ ගුණසේකර, ආනන්ද වික්‍රමගේ, පියුමි බොතේජු, දමිතා අබේරත්න, ආරියසේන ගමගේ, නිල්මිණි කෝට්ටේගොඩ, ඩී.බී. ගංගොඩතැන්න, සුමේධ මිහිරාජ ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසක් එක්වී ඇත. සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ප්‍රියන්ත විදානපතිරණ තිර පිටපත රචනා කර ඇති මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් ගාමිණි මොරගොල්ලාගම, අංග රචනයෙන් චතුරිකා සඳමාලි, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අනුර ශ්‍රී, සංස්කරණයෙන් සහ දෘශ්‍ය ප්‍රයෝගකරණයෙන් සිනෙත් මාලක පතිරණ, ශබ්ද සංකලනයෙන් සශින් ගිම්හාන් පෙරේරා, වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර සහ නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහපුආරච්චි එක්වන ‘ඒක තමයි මේක’, ඉවෝක් රූපහල ෆිල්ම්ස් සමගින් සංගීතා ෆිල්ම්ස් නිෂ්පාදනය කරනු ලබයි.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ඡායාරූප සඳමාලි විමලසේන