ඒඩ්ස් 3550ට නගී

67

මෙරටින් මේ වනවිට හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 3550ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලිංගාශ්‍රිත බෝවන රෝග මර්දන ව්‍යාපාරය අනාවරණය කර සිටී.

ඒ අනුව වැඩිහිටි රෝගීහු 3500 දෙනෙක් සහ රෝගයට ගොදුරු වූ ළමයි 50 දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

2018 වසරේදී ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිශතය ජනගහණයෙන් මිලියනයකට 0.03ක් ලෙස සටහන් වුවත්, මේ වනවිට එම ප්‍රමාණය මිලියනයකට දශම එක, එනම් තිස් ගුණයක වැඩිවීමක් පෙන්නුම් කරන බව ද එම ව්‍යාපාරය සඳහන් කරයි.

කෙසේ වෙතත්, ජනගහණ ප්‍රතිශතයට අනුව ආසන්න වශයෙන් මෙරට ඒඩ්ස් රෝගීන් 5,000 දෙනකු පමණ සිටිය යුතු බවත්, ඉන් 1,500ක පිරිසක් ප්‍රතිකාර ලබා නොගනිමින් සමාජය තුළ ජීවත්වන බවත්, විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.

මෙරටින් වසරකට නව ඒඩ්ස් රෝගීන් 700ක් පමණ දෙනා වාර්තා වන බවත්, ජනගහණ අනුපාතයට අනුව එය පිරිමි පුද්ගලයන් 07කට එක් කාන්තාවක ලෙස රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවත්, පෙන්වා දෙන බෝවන රෝග මර්දන ව්‍යාපාරය 2020 වර්ෂයෙන් පසු මෙරටින් ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.

සුජීව තත්සර


advertistmentadvertistment