ඔන්ලයින් මුඛවාඩම අහෝසියට රවිගෙන් කෙටුම්පතක්

275

මාර්ගගත සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා ඉකුත් ආණ්ඩුව සමයේ සම්මත කරනු ලැබූ ඊට අදාළ පනත් කෙටුම්පත වත්මන් ආණ්ඩුව හරහා අහෝසි කිරීම සඳහා නව කෙටුම්පතක් සකසා ප්‍රකාශයට පත්කර තිබේ.

2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ කෙටුම්පත ලෙස මෙය නම් කර ඇති අතර ඊට අදාළ ගැසට් පත්‍රය පසුගිය 08දා නිකුත් කොට ඇත.

ඔන්ලයින් මුඛවාඩම අහෝසියට රවිගෙන් කෙටුම්පතක්

ඒ අනුව මීට පෙර සම්මත කරන ලද මාර්ග ගතවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මෙම නව කෙටුම්පත මගින් අහෝසි කෙරේ.

මෙම පනත් කෙටුම්පත මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ පනත් කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් කර තිබේ.

සම්මත කරන ලද මාර්ග ගත සුරක්ෂිතභාවය ඇතිකිරීමේ පදනම අදාළ කෙටුම්පත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙහි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කර තිබිණි.

පනත් කෙටුම්පතට සමාජ ක්‍රියාකාරිකයන්ගේ සහ දේශපාලන පක්ෂවල දැඩි විරෝධය එල්ල වූ අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සිටින අවධියේ කියා සිටියේ මෙම පනත් කෙටුම්පත තම රජයක් යටතේ අහෝසි කරන බවය. රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තු අනුමැතිය ලදහොත් බලාත්මක වනු ඇත.

අකිත පෙරේරා


advertistmentadvertistment