‘ඔන් ලයින්’ පනත වහා අකුලා ගන්න – සජිත් මැතිසබයේදී කියයි

73

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත් කෙටුම්පත වහා ඉල්ලා අස් කර ගෙන තොරතුරු දැන ගැනීමේ නිදහස ඇති කෙරෙන නව පනතක් (ෆ්‍රීඩම් ඔෆ් ඉන්ෆොමේෂන්ස් ඇක්ට්) ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6 දා) ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

සමාජ මාධ්‍යය ආරක්ෂණ පනතක් ගෙන ඒමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අමු අමුවේ විනාශ කෙරෙන බවත් මානව අයිතිවාසිකම් ද උල්ලංඝනය කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා ද මෙවැනි පනතක් ගෙන ආ බවත් එවිට ගූගල් සහ ෆේස්බුක් වැනි සෘජු ආයෝජන සිදු කරන සමාගම් එරට හැර යෑමට සූදානම් වූ නිසා අදාළ පනත ඛාන් අගමැති විසින් ඉවත් කර ගත් බවත් හෙතෙම පැවසීය.

එබැවින් එවැනි සෘජු ආයෝජන ලබා දෙන සමාගම් ඉවත්වීම රටක ආර්ථිකයට දරුණු ලෙස බලපාන බවත් එවැනි පනත් මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කෙරෙන බවත් එබැවින් වහාම පනත අස් කර ගන්නා ලෙස ජනපතිට කරුණු පැහැදිලි කරන්නැයි සභාවේ අසුන්ගෙන සිටින අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment