ඔස්ට්‍රේලියාවේ දරුණු ජල ගැලීම්වලින් 4ක් මරුට

41

ගිනිකොණදිග ඔස්ටේ්‍රලියාවට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව සමග හටගෙන ඇති දරුණු ජලගැලීම් හේතුවෙන් පුද්ගලයන් සිවුදෙනකු මියගොස් ඇති අතර තවත් එක් අයෙකු අතුරුදන් වී පනස්දහසක පමණ පිරිසක් කොටු වී සිටින බව ඊයේ (23) වාර්තා වී තිබිණි.

ඔසටේ්‍රලියාවට බලපා තිබෙන දරුණු ජල ගැලීම් හේතුවෙන් නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ විදුලිය හා සන්නිවේදන කේබල්වලට හානි වී තිබීමෙන් දහස් ගණනක් වූ නිවැසියන්ගේ විදුලිය විසන්ධි වී ඇති බව බලධාරීහු පවසති.

නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ දකුණුදිග වෙරළබඩ ප්‍රදේශයට ඊයේ දිනයේ ද ධාරාණිපාත වැසි ඇදහැළෙමින් පවතින බව වාර්තා වී තිබූ අතර ජල ගැලීම්වලට කොටු වී සිටින පිරිස් මුදා ගැනීම සඳහා හදිසි සේවා නිලධාරීන් 2000ක් හා බෝට්ටු, ට්‍රක් රථ මෙන්ම හෙලිකොප්ටර් යානා 10ක් යොදා ඇති බව වාර්තා වේ. පවතින තත්ත්වය මත ජල ගැලීම් පවතින ප්‍රදේශවල නිවෙස්වලට නය,ි පොළඟුන් මෙන්ම කිඹුලන් වැනි සතුන්ද ගසාගෙන පැමිණීමේ අවදානමක් පවතින බව ඔස්ටේ්‍රලියානු බලධාරීන් විසින් අනතුරු අගවා තිබේ.


advertistmentadvertistment