කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි සමග නිවසකට ඇතුළුවී ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.
එහිදී ගිනිඅවිය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා නිවසේ කොටුවී ඇති අතර ඔහු තාප්පයකින් පැන යෑමට උත්සාහ කිරීමේ දී ඇදවැටී කකුල් දෙකට තුවාල සිදුව ඇත.