පසුගියදා අවසන් වූ ඉන්දීය මැතිවරණයේදී නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය ගැන අනාවැකි පළ කළ අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ සමාගමක් විසින් මෙරට සියලුම ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ පුළුල් මත විමසුමක් ආරම්භ කර තිබේ.ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානුවන් විසින් පවත්වාගෙන යනු ලබන මෙම සමාගම මෙරට පුරවැසියන් මිලියන 9.3කගේ පමණ සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ සමීක්ෂණය ආරම්භ කර ඇත.මෙරට ඉදිරි මැතිවරණ රැල්ල අධ්‍යයනය කිරීමට මෙම සමාගම කැඳවූ මුල් කාලයේ ඔවුන් මාස තුනක් සමාජ මාධ්‍ය ප්‍රවණතා අධ්‍යයනය කර තිබේ. ඔවුන් රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාගේම ප්‍රතිශත මාරුවීම් පිළිබඳ බලධාරීන්ට සෑම සති දෙකකට වරක් යාවත්කාලීන කිරීම් ලබා දෙන බව පැවසේ. ඔවුන් ඉදිරිපත් කට නවතම වාර්තාවට අනුව අපේක්ෂකයන් තිදෙනාම සියයට 25ටවත් ළඟා වීමට අපොහොසත් සිටිති. තිදෙනාම සියයට 21 සහ 22ක සාමාන්‍ය ඡන්ද පදනමක් පවත්වාගෙන යමින් සිටින අතර, තීරණය නොකළ ඡන්දදායකයන් සියයට 35ට වැඩි ප්‍රමාණයක් සිටින බව ද සදහන් කරයි.
|