වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ සර්වඥ ධාතූන් වහන්සේ නමක් දළයි ලාමා තුමාට පූජා කරයි

161

වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ වැඩ වාසය කරන සර්වඥ ධාතූන් වහන්සේලා අතරින් එක් ධාතූන් වහන්සේ නමක් දැනට ඉන්දියාවේ වාසය කරන දළයි ලාමා තුමා වෙත තමන් පූජා කර පරිත්‍යාග කළ බව ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ හිමි 07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසූහ.

උන්වහන්සේ ඇතුළු ගිහි පැවිදි පිරිසක් මෙම පරිත්‍යාගය සිදුකිරීම සඳහා ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ “ධර්මශාලා” වෙත ගොස් සිටියහ. ටිබෙට් දේශයේ වැඩ වාසය කළ දළයි ලාමා තුමා මේ වනවිට ඉන්දියාවේ “ධර්මශාලා” වෙත පැමිණ සිටිති. උන්වහන්සේ දැක බලා ගැනීම සඳහා දිනපතා දහස් සංඛ්‍යාත පිරිසක් මෙම විහාරස්ථානය වෙත පැමිණෙන අතර ඔවුන්ටද මෙම සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාව උදා වී තිබේ.

වසර 1889 දී ඉන්දියාවේ කපිලවස්තුපුර සිදු කළ භූගත කැනීමකදී මෙම සර්වඥ ධාතූන් වහන්සේලා හමු වී ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා “කුෂි නගර්” ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයට ආශීර්වාද කිරීම සඳහා වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය සතු සර්වඥ ධාතූන් වහන්සේලා සමග මෙරට භික්ෂූන් වහන්සේලා 100 ක් නමකට එම අවස්ථාවට පැමිණ සහභාගී වන ලෙස ආරාධනා කර තිබිණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment