මිරිස්ස තල්අරඹේ මහා පරිමාණ බූරුවා පිටියක් වටලයි

237

කාන්තාවන් අටක් සමග එකළොස් දෙනෙක් අත්අඩංගුවට
මාස පහක කිරි දරුවා රැකබලා ගැනීමට දෛනික වැටුපට මෙහෙකාරියක යොදවා

– එක් කාන්තාවක් සූදුවට ඇවිත්
ඔත්තු බලන්නේ පාසල් දරුවන්

කොටවිල පොලිස් වසමේ මිරිස්ස තල්අරඹ එපිටවත්ත ප්‍රදේශයේ නිවසක ඉදිරිපස කාමරයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරුවා පිටියක් පසුගිය 06 වැනි දා වැටලීමට කොටවිල පොලීසියට හැකිවී ඇත. එහිදී විවිධ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු විසි එකේ සිට පනහ දක්වා කාන්තාවන් අට දෙනෙක් සහ බූරුවා පිටිය පවත්වාගෙන ගිය වයස අවුරුදු හතළිහක් වූ විවාහක පුද්ගලයා සහ තවත් පිරිමි දෙදෙනෙක් සමග මුළු සංඛ්‍යාව එකළොස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කොටවිල පොලීසිය ලද තොරතුරක් මත පසුගිය ් හය වැනි දින මෙම සූදුපිටිය වැටලීම සිදු කර ඇත. සූදු පිටිය පවත්වා ගෙන ගිය පුද්ගලයා ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන තම දරුවන් දෙදෙනාව ඔත්තු බැලීමට සහාය ලබාගෙන ඇත. මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට මීට පෙර කොටවිල පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලැබූවෙකි.

සූදුවට එක්ව සිටි කාන්තාවන් පොල්වතුමෝදර, මිරිස්ස, වැලිගම, තල්අරඹ ප්‍රදේශවල අයවේ. ඔවුන් වෘත්තීයව මෙම සූදුවේ යෙදෙන කාන්තාවන් බව හෙළී වී ඇත. පොල්වතුමෝදර ප්‍රදේශයේ පදිංචි කාරියක වූ එක් කාන්තාවකට මාස පහක කිරි දරුවකු ද සිටන බවත් එම දරුවා දෛනික වැටුපට සේවය කරනා මෙහෙකාරියකට භාර දී පැමිණි බව පොලීසියට ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එකළොස් දෙනාම පොලිස් ඇප මත නිදහස් කර ඇත. ලබන 18 වැනිදා කොටවිල අධිකරණයේ මාතර මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම කොටවිල පොලීසියේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති අනුර හේවාපතිරන මහතා ඇතුළු පිරිසක් විසින් සිදු කර ඇත.

වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල

advertistmentadvertistment
advertistmentadvertistment