අදත් වැස්ස එයි

177

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද (14) දින වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ අනුව උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්‍ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එමද එම දෙපාර්තමේන්තුව කියයි.

රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්‍ත්‍රික්කවලත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment