පොලිසියට බූරු පොළේ ඔත්තුව දුන්නැයි හැට හැවිරිදි කාන්තාවගේ ගෙල සිරකර මරන්න හදලා

512

මහා පරිමාණයෙන් පවත්වාගෙන යන මුදලට බූරු ගැසීම සිදුකරන ස්ථානයක් පිළිබඳ පොලිසියට පැමිණිළි කළේ යැයි කියන සිද්ධියක් මුල් කරගෙන බූරු පොළේ හිමිකරු මහ රෑ නිවසට පැන 60 හැවිරිදි කාන්තාවකගේ ගෙල සිරකර ඇය මරා දැමීමට දැරූ වෑයමක් පිළිබඳව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

කැපුම්ගොඩ සෙත්තප්පාඩුව ප‍්‍රදේශයේ පදිංචි පිලිෂියා මල්කාන්ති පෙරේරා නමැති කාන්තාව විසින් පොලිස්පතිවරයාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්‍ෂණය යටතේ එකී විමර්ශන ආරම්භකොට ඇත. ධීවරයකු ලෙස පෙනී සිටින එම පුද්ගලයා” හුදෙකලාව ජීවත් වන අවිවාහක තමාගේ නිවසට කඩාපැන ගෙල සිරකර මරා දැමීමට දැරූ වෑයම අසල්වැසියකුගේ

මැදිහත්වීම මත වැළකී ගිය බවත්” මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත බූරුපොළ වැටලීමට පියවර ගත්තත්” ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති බවත්” ප‍්‍රදේශයේ පිහිටි පොලිසියේ ආරක්ෂාව ඔහුට ලැබෙනා බවට සැකයක් මතුවී ඇති බවත් එම පැමිණිල්ල මගින් පෙන්වාදී තිබේ. වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කර මීගමුව මහාධිකරණය විසින් වසර හතරක සිරදඬුවමක් නියම කර සිටින එම පුද්ගලයා” අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන අයැදුම්පතක් අනුව මේ වනවිට ඇපමත සිටින අයකු බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාට පෙන්වා දී තිබිණි.

එසේ විමර්ශන ආරම්භකොට තිබියදීත් එම පුද්ගලයා මෙයට දින කිහිපයකට පෙර මහමඟ ගමන් කරමින් සිටියදී තමාව යතුරුපැදියක හප්පා දැමීමට දැරූ වෑයම පිළිබඳව එම කාන්තාව විසින් දුන්ගාල්පිටිය පොලිසියටද පැමිණිලි කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment