දික්කසාද නඩුවකට අදාළ තීන්දුව ඉක්මනින් ලබා දීම සඳහා අල්ලස් ලබා ගත් බව කියන ගෙලිඔය ක්වාති විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියා සිටී.
පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් ගොනු කර තිබූ දික්කසාද නඩුවකට ඉක්මනින් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.
ඒ අනුව මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේදී තීන්දුව ප්‍රකාශ කර එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබා ගැනීම යන අල්ලස් චෝදනා මත සැකකරු එම කොමිසමේ නිලධාරීන් විසින් අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.