කාන්තාවන් සවිබල ගන්වන පනත් දෙකක්

137


ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන්
අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත් ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු
අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත්
දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් අදාළ පනත් කෙටුම්පත් එළඹෙන ජූනි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එමඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මත්තාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්
ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම,
කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම සහ
කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකි වන බවද ජනාධිපතිවරයා
පෙන්වා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment