කැනේඩියානු වැන්කුවර් නගරයේ ජනතාව එක් රැස්ව සිටි ස්ථානයකට මෝටර් රථයක් ධාවනය කිරීම නිසා ” බොහෝ පිරිසක් මිය ගොස් ඇති” බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ . වැන්කුවර් හි දකුණ නැගෙනහිර ප්‍රදේශයේ , ෆ්‍රේසර් හි පිලිපීන සංස්කෘතිය සමරන වාර්ෂික ” ලපු ලපු ” ( Lapu Lapu ) උත්සවයේදී, මෙම සිඳුවීම ඇතිව තිබේ .අදාළ රියදුරා පදිකයින් වෙතට රිය පැදවූ බව වැන්කුවර් පොලිසිය මාධ්‍යට පවසා තිබේ .
විමර්ශන කටයුතු අතරතුර තවත් තොරතුරු ලබා දෙන බවද ,” වැන්කුවර් පොලිසිය වැඩි දුරටත් දුරටත් කියා තිබේ . සමාජ මාධ්‍යවල පළ කරන ලද සත්‍යාපනය නොකළ දර්ශනවල පොලිස් මෝටර් රථ, ගිලන්රථ සහ ගිනි නිවන රථ ගණනාවක් එම ස්ථානයේ දක්නට ලැබේ . තුවාල ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් බිම වැතිර හිඳින බව එම දර්ශනවල දැක්වේ . ශ්‍රී ලංකා වේලාවෙන් ,මීට පැයකට පමණ පෙර මෙම සිඳුවීම වාර්තා වී තිබේ . මේ වන විට වයස අවුරුදු 30 ක පමණ සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . කොපමණ පිරිසක් මිය ගොස් ඇත්දැයි තවමත් සඳහනක් නැත .