කැලඹුණු කාලගුණය ජීවිත 26 ක් බිලි අරන් – රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර කියයි

41

එක්ලක්‍ෂ තිස් දහසක් පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇතිවූ ආපදා හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 262ක පවුල් 33,422කට අයත් පුද්ගලයින් 130,021 කට අධික සංඛ්‍යාවක් ආපදාවට ලක්ව ඇති අතර මරණ 26ක් සහ තුවාල ලැබීම් 41ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4දා) ප්‍රකාශ කළේය.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල දැනටත් පවතින ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ඊයේ උදෑසන වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 116 ක පවුල් 2368 ක පුද්ගලයන් 9248ක් රඳවා සිටින බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් මෙන්ම ග්‍රාමීය කමිටුවල සහන කණ්ඩායම් සාමාජිකයින් ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් සිටින බවත් ඔවුන්ගේ එම කැපවීම සහ සේවය අගය කළ යුතු බවත් හෙතෙම පැවසීය.

කැලඹුණු කාලගුණය ජීවිත 26 ක් බිලි අරන් - රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර කියයි
ගම්පහ නගරය ජලයෙන් යටවි
කැලඹුණු කාලගුණය ජීවිත 26 ක් බිලි අරන් - රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර කියයි

සහන සැලසීමේ කටයුතු සඳහා ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවද හෙතෙම පැවසීය.

දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කරනු ලබන ඉල්ලීම් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති පැය 24 පුරාම ක්‍රියාත්මක 117 හදිසි ඇමතුම් අංකයට ලැබෙන ඇමතුම්වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් මුදාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු මේ වන විට සිදු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

කැලඹුණු කාලගුණය ජීවිත 26 ක් බිලි අරන් - රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර කියයි
පුවක්පිටියේ හානී…

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

ඡායාරූපය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment