කුඩා පක්ෂ වලට ජනපතිගෙන් අවවාදයක්

1339


ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නැවතුනහොත් සතියක් යන්න කලින් බැංකු කඩාවැටෙන බවත් එවිට විදේශ රටවල් අපිත් එක්ක ගනු දෙනු කරන්නේ නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේක නවත්වන්නේ පාර්ලිමේන්තුව කිවුවොත් විතරයි. මොකද බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ බලය පාර්ලිමේන්තුවේ තියෙනවා නම් වෙන කාගෙන්වත් උපදෙස් ගන්න බැහැ. නියෝග ගන්න බෑ. ඒ නිසා උවමනා නැති ප්‍රශ්න ඇතිකරන්න එපා කියලා මම කුඩා පක්ෂවලට කියනවා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.


advertistmentadvertistment