කේක් අලෙවිය 75%කින් පහළට

132

මෙවර නත්තල් හා උත්සව සමයේ දී කේක් අලෙවිය සියයට 75කින් අඩුවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.

පසුගිය වසරවලට සාපේක්‍ෂව කේක් අලෙවිය සියයට 25ක් දක්වා අඩුවී ඇතැයි ද හෙතෙම කීය.

මේ වනවිට බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ද සොයාගැනීමේ දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ද හේ සඳහන් කළේය.

මේ හේතුවෙන් කේක් නිෂ්පාදන අඩු මිලට අලෙවි කිරීමේ අපහසුතාවක් පවතින බවද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment