ශ‍්‍රීලනිපය යළි කැඩීමේ කුමන්ත‍්‍රණයක්

234

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි දුර්වල කර කෑළිවලට කඩන්න අද නොයෙකුත් කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.

එම කුමන්ත‍්‍රණවලට මුහුණ දීම සඳහා ජාති භේදයකින් තොරව පක්‍ෂ පාට නොබලා සියලූ දෙනා ඒකරාශි විය යුතු කාලය එළඹ ඇතැයි ද දිවංගත සිරිමාවෝ ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනියගේ විසි එක්වැනි ගුණසමරු උත්සවය නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති අවස්ථාවේදී මෛති‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ගමින් ගමට, ගෙයින් ගෙයට ගොස් බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිවලට එක`ගව කීර්තිමත් රටක් ගොඩනැ`ගීමට එක්ව කටයුතු කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment