කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

103

කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක ඊයේ (27 දා) වාර්තාගත ලෙස ඉහළ ගියේය.

මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (27දා) ඒකක 272.74 කින් ඉහළ යමින් ඒකක 11257.82ක් දක්වා වර්ධනය විය.

එසේම කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඊයේ ඒකක 106.39 කින් වර්ධනය වෙමින් ඒකක 3273.76ක් දක්වා ඉහළ ගියේය.

මෙසේ ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ ඉහළ කාර්යසාධනයක් වාර්තා කිරීමට බැංකු සමාගම්වල ඉහළ යෑම වැඩි වශයෙන් දායක වූ බවද වාර්තා වේ.

රු. බිලියන 3.36ක ගනුදෙනු පිරිවැටුමක්ද කොටස් වෙළෙඳපොළේ ඊයේ වාර්තා විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment