කොවිඩ් මළ සිරුරු ආදාහන ප්‍රතිපත්තියට රජය සමාව ඉල්ලයි

210

කොවිඩ් 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ සමාජ කොටස්වලින් ශ්‍රී ලංකා රජය සමාව අයැදීමට තීරණය කර ඇත.
ඊට අදාලව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් යන මහත්වරු විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත.
කොවිඩ් 19හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශවල වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රමවේදය ලෙස ආදාහනය නිර්දේශ කරන ලදි.
ඒ අනුව, කොවිඩ් -19ට ගොදුරු වූ මුස්ලිම් ජාතික පුද්ගලයින් 276 දෙනෙකුගේ මෘතදේහ ආදාහනය කර ඇති අතර, පසුව 2021 පෙබරවාරි මාසයේදී එවැනි පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් සහිතව භූමදානය කිරීමට අවසර ලබා දී ඇත.
2021 ජූලි මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව එවකට ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ගංගා ජලය, රෝහල්වලින්, නිරෝධායන මධ්‍යස්ථානවලින් හා වෙනත් විභව ක්ෂේත්‍රයන්ගෙන් බැහැර කරනු ලබන අපජලය ඇතුළත්ව කොළඹ මහනුවර ජලජ පරිසරවල ී්ඍී-ක්‍දඪ– 2 වෛරසය හඳුනා ගනු ලැබීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කරන ලදී.
එම අධ්‍යයනය මඟින් මතුපිට ජලයෙහි කිසිදු වෛරසයක් නොමැති බව අනාවරණය වී තිබේ.
2024 මාර්තු මාසයේදී ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජල තාක්ෂණය සඳහා චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානය විසින් දෙවන අධ්‍යයනයක් ද සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, එමඟින් ී්ඍී-ක්‍දඪ-2 වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්‍රභවය මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවට තහවුරු වී ඇත.
කොවිඩ් 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් විවිධ ආගමික කණ්ඩායම්වල සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ මෙන්ම විශේෂයෙන් මුස්ලිම් ආගම අදහන තැනැත්තන්ගේ කනස්සල්ලට හේතු විය.
ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා යම් ඥාතියෙකුට හෝ තැනැත්තෙකුට සිය අභිමතය පරිදි මියගිය තැනැත්තාගේ භූමදානය හෝ අදාහනය කිරීම තෝරාගැනීමට ඉඩ සලසන නීතියක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුවී ඇත.එසේම අවශ්‍යනම් වෛද්‍යපීඨ වලට සිරුරු පරිත්‍යාග කිරීම සඳහා අදාල නීති හඳුන්වා දීම යෝග්‍ය බවද පෙනීගොස් තිබේ. ඒ අනුව නව නීතියක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මෙම ඒකාබද්ධ කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබේ.


advertistmentadvertistment