කොළඹට ව්‍රායි ද ? හනීෆා ද ?

1421

 පවතී පළාත් පාලන මැතිවරණයේදී ,කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය ට හැකියාව ලැබිණි . එහෙත්, කොළඹ මහ නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ උප නගරාධිපති ධුර සඳහා සාමාජිකයින් නම් කිරීමේ අවස්ථාව එම පක්ෂයට අහිමි වීමේ අවස්තාවක් මතුව ඇති බව  වාර්තා වේ       

මෙවර මැතිවරණයේදී , කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී  කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 117න් 48ක් ජාතික ජන බලවේගයට හිමිව තිබේ . සමගි ජන බලවේගයට ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමි ව තිබේ .

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධුර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් ආසන බෙදී ගොස් තිබේ .
එමෙන්ම ,  ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධුරය බැගින් දිනා ගැනීමට සමත් වී තිබිණි .

කෙසේ වෙතත්, එක් පක්ෂයක් , ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව කියැවේ .

කොළඹ මහනගර සභාවේ බහුතර බලය විපක්ෂයට හිමි බැවින්, නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අනෙකුත් විරුද්ධ පක්ෂවල සහාය ලබාගන්නා බව සමගි ජන බලවේගය පවසා තිබුණේය .

ජාතික ජන බලවේගය වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තද, කොළඹ මහනගර සභාවේ බහුතර බලය විපක්ෂ පක්ෂවලට හිමිවන අතර, තමන්ගේම නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා සමගි ජන බලවේගය අනෙකුත් විරුද්ධ පක්ෂවල සහාය ලබා ගන්නා බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අද පෙරවරුවේ මාධ්‍ය හමුවකදී පවසා තිබුණි .

කෙසේ හෝ මේ වනවිට කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලි බල්තසාර් සහ සමගි ජන බලවේගයේ  ආචාර්ය  රුවේස් හනීෆා අතර දෝලනය වන අර්බුදයක් බවට පත්ව තිබේ .


advertistmentadvertistment