මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව කොළඹ හා යාපනය දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා මන්ත්‍රීධුර එක බැගින් අඩුවී ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එක බැගින් වැඩි කර තිබේ.
2023 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට මන්ත්‍රීධුර 18ක් පැවැති අතර නව ලේඛනයට අනුව එම ප්‍රමාණය 19ක් බවට පත්ව ඇත.
කළුතර දිස්ත්‍රික්කයට 10ක්ව පැවැති මන්ත්‍රීධුර ප්‍රමාණය 11ක් දක්වා වැඩිවී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයට 2023 දී තෝරාගන්නා මන්ත්‍රීධුර ප්‍රමාණය 19ක්ව තිබූ අතර එය 18ක් දක්වා අඩුවී ඇත. යාපනය දිස්ත්‍රික්කයට ද 06 දක්වා පහළ බැස ඇත.
කෑගල්ල, බදුල්ල, අනුරාධපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරුන් 9 දෙනා බැගින්ද නුවරඑළිය, පුත්තලම දිස්ත්‍රික්කවලට 8 දෙනා බැගින් ද මාතර හම්බන්තොට, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරු 7 දෙනා බැගින් ද මෙවර තෝරාපත් කර ගැනීමට නියමිතය. අනෙකුත් දිස්ත්‍රික්කවල 2023 ලේඛනය අනුව මෙවර ද මන්ත්‍රීධුර පවතී.
රනිල් ධර්මසේන