රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙනකටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකු 20 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන ඒවා කාඩ්බෝඩ් මත අලවා ඒ මත කළු පැහැති කඩදාසි අලවා එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා, පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබිණි. එසේ සකස් කර ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන බ්‍රසීලයෙන් කටාර් රාජ්‍යය වෙත පැමිණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-658 දරන ගුවන් යානයෙන් 20 දින අලුයම 02.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ගුවන් මගියා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
කටුනායක – ටී.කේ.ජී. කපිල