කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු කාරක සභාවේ නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් මාසයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන බැව් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර. මහතා පවසයි.
කාරක සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුවේදී අනුමත කරගැනීමෙන් පසු ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් හා බලධාරීන් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමුකිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසයි. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නම් අදාළ නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ නිකුත් කරන බවද හෙතෙම පවසයි. එමෙන්ම කාරක සභාව මගින් අනාවරණය කරගනු ලබන අක්‍රමිකතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් අංශ වෙත යොමුකොට අදාළ නිර්දේශ නිකුත් කිරීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.
රජයේ සේවයේ නොවන අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කරන බව ද කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.
ලලිත් චාමින්ද