ගජ මුතු සමග ලාන්ස් කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

30

යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් වරයෙකු ගජ මුතු තුනක් සමග තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් තංගල්ල නගරයේදි අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ගජබා රෙජිමේන්තුවේ 14 වැනි බලඇණියට අනුයුක්තව සේවය කරන මීමල් වැවල කල්ලංචියල අනුරාධපුරය ලිපිනයේ පදිංචි 26 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් වරයෙකි.
සැකකාර යුධ හමුදා සෙබලා සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී වරයාට ලද පුද්ගලික තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරීන් විසින් සැකකරු ඊයේ සවස 4.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සදහා තංගල්ල මුලස්ථාන පොලිසියට බාරදී ඇත. සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment