ග්‍රාමසේවා ව්‍යවස්ථාව අවුල් ලු‍

44

සිය සේවා ව්‍යවස්ථාවක් සැකසීම සඳහා තම ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව අදහස් හා යෝජනා රැසක් ලබා දුන්නද රාජ්‍ය, පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පරිපාලන බලධාරීන් ඒ යෝජනා කිසිවක් ගණන් නොගෙන ඔවුන්ට රිසි අයුරින් වෙනම ග්‍රාම සේවා ව්‍යවස්ථාවක් සකසා ඇතැයි ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

මෙලෙස එම අමාත්‍යාංශයේ බලධාරීන් සැකසූ සේවා ව්‍යවස්ථාව හා තම යෝජනා අතර දැඩි පරස්පරයක් ඇතැයි ද එය වැඩවසම් හා ගෝත්‍රික ව්‍යවස්ථාවක් යැයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවැසීය.

මේ සම්බන්ධව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව හෙට (27දා) රාජ්‍ය සේවා කොමිෂන් සභාව හමුවී කරුණු දැක්වීමට නියමිත ඇති බවද ඔහු කීවේය. සියලුම ග්‍රාම නිලධාරීන් මැයි 17 ජූනි 02 දක්වා අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවද කී ඒ මහතා තම ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් නොලැබුණොත් දැනට පවතින වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන්නේ යැයිද සඳහන් කළේය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment