ගායන ශිල්පී සමන් ද සිල්වාගේ අවසන් කටයුතු අද

36

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පි සමන් ද සිල්වා (69) මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29දා) සවස මොරටුව රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

පසුගිය 26 දා සිය ජීවන ගීතය නිමා කළ මේ ගායකයා 70 දශකය ගීතයෙන් රසවත් කරමින් මෙරට ගී රසකාමී හදවත් පැහැර ගත්තේය. වේග රිද්ම ගීත කලාවෙන් සිය ජනප්‍රියත්වය රඳවා ගත් හෙතෙම නියරේ පියනගලා, පුංචි කුරුලු කූඩුවේ, එපා එපා රැවටෙනු (සුරූපී විරූපී) සංතෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ, පුරහඳ නැඟුණා ආදී ඉතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කළේය.

එම අවධියේ ජනප්‍රිය වාද්‍ය වෘන්දයක් වූ ‘සමන් ඇන්ඩ් ද ක්ලෑන්’ සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා වූ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායනවේදී සමන් ද සිල්වා මහතාගේ දේහය මේ වනවිට මොරටුව අඟුලාන ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

සුජීව තත්සර


advertistmentadvertistment