UPDATE – ප : ව 12. 46 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය අද ( 11 ) අළුයම 4.30ට පමණ නුවරඑලිය, ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබිණි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවත් පොලිසිය පවසයි.
|