ගුරු විද්‍යාල අවසාන විභාගය (2022/2023/2025) මෙම මස 19දා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 04ක දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි නව විභාග කොමසාරිස් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
විභාග අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ගුරු විද්‍යාලවලට තැපැල් මගින් යොමුකර ඇති අතර එම ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන අඅඅගාදැබැඑිගකන වෙත පිවිස බාගත කර ගැනීමට පහසුකම් සපයා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම විභාගයට අදාළ තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011-2784208 හෝ 011-24784537 යන දුරකථන අංකවලින් හෝ 1911 ක්ෂණික ඇමැතුම් අංකයෙන් ලබාගත හැක.
කමල් බෝගොඩ