චාර්ලි මොටෝ ලංකාවට

24

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ප්‍රංශ ගායන ශිල්පි චාර්ලි මොටෝ සහභාගි වන සංගීත සංදර්ශන තුනක් ශ්‍රී ලංකාවේ පැවැත්වේ. මෙම මස 29 වැනිදා කොළොඹ වෙයාර් හවුස්හිදී පස්වරු 7 සිට (Colombo Warehouse)ත්, නොවැම්බර් මස 1 වැනිදා අහංගම හිදී(Ahangamla Trax) පස්වරු 8.00 සිටත් නොවැම්බර් මස 3 වැනිදා මහනුවර (Kandy Atelier) හිදී 6.00 සිටත් ප්‍රසංග පැවැත්වේ. චාර්ලි මොටෝ ප්‍රංශයේ තරුණ පොප් ගායිකාවකි. ඇයගේ නවතම ගීතය Citadelle මේ වසරේ පෙබරවාරි මාසයේදී එළිදක්වන ලදී. මෙම සියළු සංදර්ශන නොමිලේ පවත්වනු ලැබේ.


advertistmentadvertistment