ජගත් පරිසර දිනයට සමගාමීව අද සිට පරිසර සතියක්

25

ලබන මස 05 වැනිදාට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් ‘පරිසර සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (30දා) සිට ජුනි මස 05දා දක්වා පරිසර සතිය ප්‍රකාශයට පත්කර තිබේ. ‘ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වළකමු’ මෙවර පරිසර දිනයේ තේමාව වේ.

ජගත් පරිසර දිනයේ ප්‍රධාන වැඩසටහන ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේ යෝජිත නාගරික උද්‍යානයේදී ලබන මස 05දා රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වේ. මීට සමගාමීව මෙවර පරිසර දින තේමාවට අනුව පාසල් සිසුන් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සුජීව තත්සර හා ජගත් කණහැරආරච්චි


advertistmentadvertistment