මෙවර ජනාධිපතිවරණයෙන් කවුරු බලයට පත්වූවත් ගෝල්ෆේස් පිටිය ජනතාවට විවෘත බව ජනාධිපති ධුර අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසයි.රට අද පවතින තත්ත්වයට වඩා අසහනකාරී තත්ත්වයකට ඉදිරියේදී පවත්වන බවත් ජීවිතයත් මරණයත් අතර සටනක් රටේ තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සදහා වැඩිම වාර ගණනක් ඉදිරිපත් වූ අපේක්ෂකයා බවට ඔහු පත්ව සිටියි.එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග ජනාධිපතිවරණ පහක් සදහා ඉදිරිපත්වූ අපේක්ෂකයා බවට පත්ව ඇත.අත්නොහරින සටනක තමා නිරතව සිටින බව සිරිතුංග ජයසූරිය මහතා පවසයි.තම පක්ෂය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කරන්නේ රුපියල් ලක්ෂ 20ක් බව ඔහු සඳහන් කරයි.ජනතාව සිටින්නේ දැඩි අසහනයකින් බවත් කවුරු බලයට ආවත් රටේ පවතින ප්‍රශ්න තනිව විසදීමට නොහැකි බවත් පවසයි.මෙරට ඡන්ද දායකයින්ගෙන් සියයට 40%ක් තවම කුමන අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කරනවාදැයි කියා තීරණය කර නැතැ’යි ද ඔහු සඳහන් කරයි.එක්සත් ශ්‍රී ලංකා ජාතියක් ගොඩනැගීම සඳහා කිසිදු අපේක්ෂකයෙක් යෝජනා ඉදිරිපත් කර නැතැයි ද ඒ මහතා පවසයි.
|