මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම අද (06දා) අඟහරුවාදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,759ක පැවැත්වේ.
පරිපාලන දිස්ත්‍රික්ක 25ක පළාත් පාලන ආයතන කොට්ඨාස 4,877ක එම ඡන්ද විමසීමට අයත්ය.
නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති, ඇතුළු සභිකයන් 8,287ක් පළාත් පාලන ආයතන සඳහා මෙම ඡන්දයෙන් තෝරා පත්වීමට නියමිතය.
දේශපාලන පක්ෂ 49 ක් , ස්වාධීන කණ්ඩායම් 257 ක් , නියෝජනය කරමින් අපේක්ෂකයන් 75, 589ක් නාමයෝජනා ලබා දී ඇති බව මැතිවරණ කොමිසමේ දත්ත වාර්තා කර තිබේ .
මෙහිදි , මහ නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් සඳහා සභිකයන් තෝරා පත්කර ගැනීමට නියමිතය .
ඡන්ද හිමියන් 17,156,338 (එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස්හය දහස් තුන්සිය තිස් අටක්) ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව ද මැතිවරණ කොමිසම් වාර්තා පෙන්වා දෙයි.
ඡන්ද ගණන් කිරීම් මධ්‍යස්ථාන 5,783ක සිදු කෙරේ.
ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර මැතිවරණ රාජකාරි සඳහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යයෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.
මේ අතර කල් වේලා ඇතුව ඡන්ද පොළට ගොස් ඡන්ද භාවිත කරන ලෙසත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඒ සඳහා රැගෙන යා යුතු බව රත්නායක මහතා පැවැසීය.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද පොළ අවට ගැවසීමෙන් තොරව නිවෙස්වලට වී සාමාන්‍ය කටයුතුවල යෙදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
: