ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර යාපනයේ දේශපාලන නියොජිතයන් හා ආගමික නායකයන් හමුවෙයි

23

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා (11 දා) යාපනයේ සිදු කරන ලද සංචාරයේ දී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හමුවී සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කරන ලදී. මේ අතර යාපනයේ සිදු කරන ලද සංචාරයේදී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේදී යාපනය කතෝලික රදගුරු පදවි අනුනායක පී. ජේ. ජෙබරත්නම් පියතුමාද, ඉලවාලෙයි කතෝලික මීසම භාර ජෙයකුමාර් පියතුමාද ඇතුළු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් පිරිසක් හමුවී සාකච්ඡා කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර යාපනයේ දේශපාලන නියොජිතයන් හා ආගමික නායකයන් හමුවෙයි

මෙහිදී රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනිණි. පියතුමන්ලා හා පැවිදි සොයුරියන් නැගූ විවිධ ප්‍රශ්නවලට අනුර කුමාර දිසානායක ඒ පිළිබඳ ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබඳ පැහැදිළි කිරීමක්ද කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment