ජාතික බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව ගුවන් හමුදාවට

10

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ජාතක බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා අංශයේ සමස්ත ශුරතාවය රන් පදක්කම් 5 ක් රිදී පදක්කම් 2ක් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම විසින් දිනාගත් අතර කාන්තා අංශයේ අනුශූරතාවය පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී.

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය පොළොන්නරුව ගල්ලෑල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර ඒ සඳහා බර ඉසිලීමේ ක්‍රීඩා සමාජ නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ අතර රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ අනුශුරතාවය දිනාගැනීමට සමත් විය. එම අංශයේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

කුසලාන හා සහතික පත් ප්‍රධානෝත්සවය ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති අශෝක බණ්ඩාර මහතා, ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝ දිනේෂ් ජයවීර, බර ඉසිලීමේ සම්මේලනයේ උප සභාපතිවරු, බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම්වරයා හා ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ ලේකම් විංග් කමාන්ඩර් සංජීව නානායක්කාර ඇතුළු අනෙකුත් බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයන් හි සාමාජිකයන් හා ක්‍රීඩක ක්‍රීඩාකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව ගල්ලෑල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විය.


advertistmentadvertistment