සමස්ත ලෝකවාසී කිතුනු ජනතාව ඉමහත් හරසරින් සමරන ජේසු සමිඳුන් මරණය පරාජය කර ජයග්‍රාහී ලෙස උත්ථාන වූ පාස්කු මංගල්‍යය අද ය .
පාස්කු ඉරු දිනට පෙර සිකුරාදා දිනය මහා සිකුරාදා යනුවෙන් හැඳින්වෙන අතර එදින ජේසු සමිදානන් රෝම හේවායන් විසින් කුරුසිපත් කරන ලදී. එදින සම්ප්‍රදායිකව ත් නිරාහාර ව දුක් වීමේ දිනයකි එදින උන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සමස්ථ කිතුණු ජනතාව විසින් සිහිපත් කරනු ඇත. මුළු මානව වර්ගයා පාපයෙන් මුදවා ගැනීම පිණිස ජේසුස් ක්‍රිස්තුන් කුරුසිපත් වූ අතර ප්‍රේමයේ නාමයෙන් සිදුකළ ඒ උත්තරීතර පූජාව එදින සිහිපත් කරනු ඇත .
|