ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිවීමට තමන් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස චීනය විසින් කරන ලද ඉල්ලීමක් ඔස්ටේ්‍රලියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එක්ව විරෝධය පෑම ඇමෙරිකාවේ ආධිපත්‍යවාදී හා හිරිහැරකාරී හැසිරීම නැවැත්විය හැකි එකම ක්‍රමය බව පවසමින් චීනය සමග එක්වී ඇමෙරිකාවට විරෝධය පළ කරන ලෙස ඔස්ටේ්‍රලියාවේ සිටින චීන තානාපති සියාඕ ක්වියාන් විසින් ඔස්ටේ්‍රලියානු රජය වෙත කර තිබූ ලිඛිත ඉල්ලීමක් මෙසේ ප්‍රතිෂේප කර තිබේ.
චීනය ඔස්ටේ්‍රලියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරු වන අතර ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් චීනයට ආනයනික භාණ්ඩ මත සියයට 125ක තීරුබද්දක් පනවන විට ඔස්ටේ්‍රලියාවේ භාණ්ඩ මත පනවා ඇත්තේ සියයට 10ක තීරුබද්දකි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ