කුරුලු පිහාටුව ඩොලර් 28,417කට වෙන්දේසි වෙයි

203

නවසීලන්තයට ආවේණික කුරුලු විශේෂයක් වන ‘හුයියා’ කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත අයුරින් ඇමරිකානු ඩොලර් 28,417කට (නවසීලන්ත ඩොලර් 48,521.50) වෙන්දේසියකදී අලෙවි කිරීමෙන් එය ලොව වැඩිම මිලකට අලෙවි වූ කුරුලු පිහාටුව බවට ලෝක වාර්තාවක් පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රකට වෙබ් වෙන්දේසිකරුවන් විසින් අදාළ කුරුලු පිහාටුව වෙන්දේසියට ඉදිරිපත් ඇත්තේ ඩොලර් 3000කට අලෙවි වනු ඇතැයි අපේක්ෂාවෙනි. මෙසේ වාර්තාගත මිලකට අලෙවි වූ කුරුලු පිහාටුව අයත් පක්ෂියා නවසීලන්තයේ ස්වදේශිකයන් වන මාඕරි ජාතිකයන් පූජනීයත්වයෙන් අදහන කුරුලු විශේෂයකි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment