ජනපති පුටින්ගේ ප්‍රචාරක ප්‍රධානියා ඝාතන සැලසුමකින් දිවි ගලවා ගනී

533

ඝාතක කණ්ඩායමේ 6ක් සහ අවි ආයුධ අත්අඩංගුවට

රුසියානු ජනපති පුටින්ගේ ප්‍රචාරක කටයුතු මෙහෙය වන්නා වූ ව්ලැඩමීර් සොල්වේයන් ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇත.
මෙම ඝාතනය කිරීමට සූදානම්ව සිටි 6ක ගෙන් යුත් කණ්ඩායමක් සහ අවි ආයුධ ද රුසියානු එෆ්. එස්. බී. බුද්ධි සේවාව සොයාගෙන තිබේ. යුක්රේනයට තවදුරටත් අවි ආයුධ සැපයුවොත් රුසියාව න්‍යෂ්ටික අවි භාවිත කරන බව සෝල්වේයන් පසුගියදා ප්‍රකාශ කර තිබුණි. රුසියානු බුද්ධි සේවාව පැවසූවේ මෙම ඝාතන කණ්ඩායම නතර වී සිටි නිවසේ තිබී පිස්තෝල පුපුරණ ද්‍රව්‍ය ව්‍යාජ යුක්රේන නිල ඇඳුම් සොයාගත් බවයි. මේ පිළිබඳව යුක්රේන රජය පැවසූවේ එම ඝාතන සැලසුමට තමන් සම්බන්ධ නැති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment