ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් කුමන උපාධියක් ලබාගෙන තිබුණත් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසයි.
ශරීරයේ ලොකුම අවයවය වන සම ගැන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවත් ඒ සම විනාශ කරගැනීම හොඳ වැඩක් නොවන බවද පැවසීය.එසේම පශ්චාත් උපාධියක් ලබාගෙන තිබුණත් රටක වගකිව යුතු ආයතනයන් වන ත්‍රිවිධ හමුදාවක වුවද රැකියා බලාපොරොත්තුවෙන් සිටියත් ඔහුට එම අවස්ථාව හිමිනොවන බවද ඒ මහතා පවසයි.
සුජාතා ජයරත්න